Views:
උතුම් වප් පොහොය අදයි.
- මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කර සෝවාන් ඵලය ලබා දී සංකස්සපුරයෙන් මනු ලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදු කිරීම.
- කල්ප ලක්ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.
- අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැගෙන අරිෂ්ඨ කුමරු ප්රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝදායි.
- මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.
- ලංකාවේ වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම් ආරම්භ වන්නේත් මෙම පොහෝ දිනයේදීය. කඨින චීවරයක් මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමු පිංකම වන මෙම කඨින චීවර පූජාවෙහි කුසලය අනෙක් කුසලයන්ට වඩා ප්‍රබල වේ. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකර ගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස් විය හැකිය.
ඉතින් මෙවන් ශාසනික සිද්ධීන් රැසක් සිදු වූ වප් පුන් පොහෝ දිනය ඔබේ ජීවිතය තුල වෙනසක් ඇතිකර ගැනීමට ඉතාමත් සුදුසු දවසකි. මා අතින් සිදු වූ වැරදි මොනවාදැයි ස්වයං අධ්‍යයනයක් සිදු කොට ඉන් එක් වැරැද්දක් හෝ මා මින් ඉදිරියට සිදු නොකරමියි අධිෂ්ඨාන කරන්නේ නම් ලොව්තුරා බුදු පියාණන් වහන්සේට ඔබ වප් පුන් පෝදා සිදු කල උතුම්ම පූජාව සිදු කලා වේ.ඒ උත්තම පූජාව බුදු හිමියන් වෙනුවෙන් සිදු කිරීමට අද දින ඔබත් තරයේ සිතට ගන්න.
එවන් උත්තරීතර පොහොය දිනක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු!
0 Comments