' පඨම දානං මහා දානං අභය දානං '
මේ විශ්වයේ සිටින අහිංසකම වගේම ඈත ඇතීතයේ සිටම මිනිසාට බොහොමයක් උපකාර කරන සත්වයෙක් තමයි ගවයා කියන්නේ....
නමුත් අවාසනාවකට මෙන් තප්පර ගණනකට රස නහර පිනවීමට එක් දිනකට අහිංසක ගවයින් දහස් ගණනක් මරා දමනවා.තම නිදොස් බව කියා සිටින්නට කිසිවෙක් නොමැති තත්වයකදී ඔවුන්ගේ අහිංසක ජීවිත බේරා ගැනීමට ඔබ කල මුදල් පරිත්‍යාගය අපමණ මහා පින් සිදුවන්නකි.
ඔබ කල මේ මහා අභය දානමය පිං බලෙන් ඔබටද,ඔබගේ දෙමව්පියන්ද ,ඥාති මිත්රාදීන්ටද,පවුලේ සැමටද,සතර අපායක උත්පත්තියක් නොලබා දෙව් මිනිස් සුගති මග විවර වී,අමා මහ නිවන් සුව ලබා ලබාගැනීමටම හැකිවේවා...!
සාදූ...! සාදූ...! සාදූ...!
සත්ව අභය දානයේ ආනිසංස..
☸️ උපන් ආත්මයකදී කිසිම මාරක බාධකයකට ලක් නොවීම.
☸️ පර උපක්‍රම වලින් මරණයට පත් නොවීම.
☸️ දීර්ඝායුෂ ලැබීම.
☸️ නීරෝගී ජීවිතයක් ගත කිරීමට හැකිවීම.
☸️ අනන්ත වූ පරිවාර සම්පත් ඇතුව උපත ලැබීම.
☸️ තැති ගැනීම බිය ගැනීම් නැත්තෙකු වීම.
☸️ සූරවීර ගති ඇති මහා බලසම්පන්නයෙකු වීම.
☸️ දිව්‍යලෝක ,මනුශ්‍ය ලෝකා ආදී සුගතිගාමී ලැබී ඒවායේ ප්රමායුෂ අනුභව කිරීම.
☸️ කීකරු පින්වත් ප්‍රියශීලී ස්වාමි අඹුදරු සේවක, සේවිකාවන් ලැබීම.
☸️ රන්වන් පාට මෘදු මොලොක් ශරීරයක් ලැබීම.
☸️ සෑම තැන්කම කැපී පෙනෙන ආරෝහ පරිනාහ දේහ සම්පත්තියකින් යුක්ත වීම.
☸️ සෑම කෙනෙක්වම අවනත කරගැනීමේ ශක්තිය ලැබීම.
☸️ තමා සතු සම්පත් කිසිවිටෙක අනුන්ට පැහැරගත නොහැකිවීම.
☸️ සකල පාපයන්ගෙන් ඈත් වූ සීලවන්ත ගුණවන්ත ආධ්‍යාත්මයක් ගොඩනැගී සමථ විදර්ශනාවට යොමුවීම.
☸️ බුදු ,පසේ බුදු,මහරහත්, යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ සව් කෙලෙසුන් නසා උතුම් නිවනෙන් සදා සැනසිල්ල ලැබීමේ වාසනාව උදාවීම.
( සූත්‍ර විවරණය )
නිදහස් කිරීමට දායක වූ සියලු දෙනාට පැන් වඩා පුන්‍යානුමෝදනා කිරීම නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.👇
චායාරූප සියල්ල නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.👇
තවත් මෙවැනි පින්කම් විස්තර ලබාගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.👇
සියලු දෙන දැකබලා අන්මොදන් වේවා...🙏🏼🙏🏼🙏🏼
සැ.යු.මෙම අභය දානය පුණ්‍යකර්මය වෙනුවෙන් එක් එක් අය විවිධ ප්‍රමාණයෙන් තමන්ට හැකි පමණින් කරන ලද ආධාර වලින් විශාල මුදලක් එක් රැස් කොට මෙම මහගු පින්කම සිදු කරන ලදි.
එහිදී වැදගත් වන්නේ ඔබ පරිත්‍යාග කල මුදල් ප්‍රමාණය නොව සැදැහැ සිතින් ඉතාම සුලු මුදලකින් හෝ වචනයෙන් හෝ මේ මහගු පින්කමට දායක වීමයි.
ඉහත නම් සදහන් වන්නේ දින 2021/10/18 ප.ව. 2.00 දක්වා ලැබුනු මුදල් පමනි.
බොහො දෙනෙක් මේ වන විටත් මුදල් එවන නිසා ඉතුරු මුදල් වලිනුත් තව ගවයෙක්ව නිදහස් කිරීමට නියමිතයි.
ඒ සදහා දායක වීමට කැමති අය පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
ඔබේ මිතුරන්වත් දැනුවත් කර මේ පුණ්‍යකර්මයට දායක කර ඔබත් පිනක් රැස් කරගන්න.
විශේෂ ස්තූතිය
නිරතුරුව අවවාද අනුසාසනා දී අපව දැහමින් පෝෂණය කරන පුජ්‍ය මාවතගම
6 කණුව ශ්‍රී සුදර්ශණාරාධිපති ශාසන කීර්ති ශ්‍රී විනයාලංකාර ධර්මධීෂ්වර උමංගාවේ සංඝරකින ස්වාමීන් වහණ්සේටත්, වචනයකින් හෝ අපව දිගැදී දායක ව සියලුම දෙනාටත් මේ පින ඉක්මන් භවයකදි නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා.!
0 Comments