Advertisement


 

වටාපත් පූජාකිරීමේ ආනිසංස

Views:

වටාපත් පිදීමේ ආනිශංස...


වටාපත් පූජා කිරීමේ අනුසස් බොහෝය.

තථාගතයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දහදිය වළක්වා ගැනීම උදෙසා ශෝභන වූ පවන් අතු හෙවත් තල් අතු ද පූජාකිරීමේ ආනිසංස අටක් ලබන්නෙමි.

1. සීතලයෙන් හිරිහැරයක් නොවීම.
2. උෂ්ණයෙන් පීඩාවක් නොවීම.
3. ශරීරයේ දාහය නැතිවීමි.
4. සිත තවන්නා වූ අධික රාගයෙන් තොර කෙනෙක් වීමි.
5. ඒ ලෙසින් ම දැඩි ද්වේශයෙන් තොර කෙනෙක් වීමි.
6. අනුවණයෙක් ලෙස උපත නොලැබීම.
7. මාන්නය නැත්තෙක් වීමි.
8. යම් යම් වැරැදි දෘෂ්ඨීන් එනම් වැරැදි විශ්වාස ඔස්සේ නොදුවන්නෙක් වීමි.




හංසවතී නගරයෙහි බොහෝ ධන සම්පත් ඇති කුලයක ඉපදුණ ද එදා වැඩ සිටි පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීමට අවස්ථාවක් නොවී ය. ඒ කෙසේ වූව ද තමාගේ ධනය යොදවා මින් පෙර කිසිවෙකුත් විසින් නොදුන් සර්වපරිෂ්කාර මහා දානයක් පූජා කරමියි අධිෂ්ඨානයක් ඇති කර ගත්හ. එසේ සිතා බුදුරදුන් ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කිරීම පිණිස කුඩ, පාත්‍ර, සිවුරු ආදී භික්ෂූන් වහන්සේලාට කැප වූ භික්ෂූන් වහන්සේලා පරිභෝග කරන්නා වූ යම් පමණ වස්තු වේ ද ඒ සියල්ලක් ලක්ෂය බැගින් කම්කරුවන් ලවා කරවී ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් විෂයයෙහි දානය පූජා කිරීමේ අවස්ථාව ද උදාකරගත්හ. මහත් ගෞරවයෙන් පූජා කළ දානය පිළිගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියේ, ‘මා ප්‍රමුඛ ලක්ෂයක් ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා සර්වපරිෂ්කාර මහා දානය පූජා කළ මේ පුරුෂයා සසරෙහි බොහෝ සැප සම්පත් ලබා කල්ප ලක්ෂයකින් මතු ලොව පහළ වන්නා වූ ගෞතම නම් වූ තථාගතයාණන් වහන්සේගේ සසුනෙහි පිළින්දවච්ඡ නමින් ශ්‍රාවකයෙක් ව දේවතාවන්ට ප්‍රියමනාප පුද්ගලයන් අතරින් අග්‍ර වන්නේ ය, යනුවෙනි.

පිළින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ අතීත චරිත කතාව ගැන ප්‍රකාශ කරන කල්හි මෙසේ ප්‍රකාශ කළහ.

මෙය තවත් මිතුරෙකුට Share කර දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ උතුම් පින්කමක් කරගමු.📱📲

තවත් දහම් කරුණු දැන් ගැනීමට අපගේ whatsapp සමූහයට එකතුවන්න.👇

☸️වන්දනා FB Page එක👇

☸️වන්දනා Youtube 👇


තෙරුවන් සරණයි !

Post a Comment

0 Comments

Close Menu