බොරු කීමේ සහ බොරු කිරීමේ විපාක
පස්පව් වලට මෙන් ම දස අකුසල් වලට අයත් වන බොරුව තවත් නොයෙක් පව්කම්වලට මග පාදයි. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව දක්වා තිබේ. බොරු කීමට ලැජ්ජා බය නැති අය ගුණවත්තු නොවෙති.
බොරු කියන්නෝ අන්‍යයන් විසින් අවිශ්වාසයටත් නින්දාවටත් පත් කෙරෙති. ඇතැම් විට දඬුවම් ද ලබති. තමන් කළ කී බොරු ගැන පසුතැවෙති. ඒ මෙලොව දීම ය. එවැනි අය අපායෙහි ඉපිද දිගු කලක් දුක් විඳිති. ප්‍රේත , තිරිසන් ලෝක වල ඉපදෙති. මිනිස් ලොව උපත ලද විට ( පෙර ජාතිවල කී බොරු නිසා) නොකළ වැරදි වලට හසු වෙති. ගොළුවන් , කතා කිරීමේදී ගොත ගසන්නන් , මුඛයෙන් දුගඳ හමන්නන් , අප්‍රිය අශෝභන ලෙස දත් පිහිටි අය වෙති. මුඛයේ දත් වැඩි කලක් නොපැවතීම , විරූප වීම , අමිහිරි කටහඬ ඇති අය වීම , උපතින්ම දුගියන් , මෝඩයන් වීම සිදු වීමට ද පෙර ආත්ම වල බොරු කීම බලපාන බව දක්වා තිබේ.
- ඒ ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගිහියන් වෙනුවෙන් පිළිපදින්නැ යි බුදු ඇසින් දැක වදාළ පස් පවෙන් සදහටම වළකින්න.
- පාසල් වියේ සිට පන්සිල් රකිමින් එහි උතුම් ආනිශංස ලබන අතර ඒ ගැන සිතා සතුටු වෙන්න.
- බොරුවෙහි ඇලුන අයගෙන් ඉවත් වෙන්න. අසන , කියවන , නරඹන අවස්ථාවල සත්‍යය නුවණින් අවබෝධ කරගන්න.
- බොරුවෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත වූ සත්‍යය ම පමණක් අනුගමනය කරන්න. සත්‍යය පාරමිතාවකි.
- බොරු පොරොන්දු දීමෙන් , නැති ගුණ පැවසීමෙන් , වරදක් කොට එය සැඟවීමෙන් , අනුන් රැවටීමෙන් ආදියෙන් වැළකී සත්‍යගරුක වන්න.
- පන්සිල් ආදී සලයක නිරතුරුවම පිහිටා එය සිහි කරමින් කටයුතු කිරීම ජීවිතයට මහා පිහිටක් අත්කර දෙයි..
තෙරුවන් සරණයි...!
තවත් වටිනා මෙවැනි ලිපි කියවීම සදහා ඔබත් එන්න 👇
0 Comments