Advertisement


 

රහතන් වහන්සේලා පවා වැඩසිටි සුදුගල ආරණ්‍ය සේනාසනය

Views:

වර්තමානයේ මෙම ස්ථානය ආරණ්‍ය  සුදුගල ආරණ්‍ය නමින් හැදුන්වුවද,දේවන පෑතිස් රජු කල මෙම ස්ථානය සංඛවඩ්ඩායන යන නමින් හැදින්විය.මෙම ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර නගරයේ සිට කිලෝමිටර 18 ක් පමණ දුරකින් ඉමිහාමිනේගම නම් ඉතා සොදුරු ගම්මානයක කදු මුදුනක පාමුල කහල්ල පල්ලකැලේ නම් රක්ශිතයේ පිහිටා ඇත.






පුරාණ ගල් ලෙන් කීපයක් මෙන්ම දුටුවන්ගේ සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිණවන ජීවමාන බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලද වැඩසිටින පුණ්‍ය භූමියක් වේ.මෙම ස්ථානයේ සෑම දිනකම පින්කම් මාලාවක්ම සිදුකරනු ලබනවා.මේ සදහා ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වාගේ පුදලයින් පැමිණ නැවතී,ජීවමාන බුදු පියාණන් වහන්සේ උදෙසා ධානය සකස්කිරීම,පිරිසිදු කිරීම් ආදී කටයුතු වල යෙදෙමින් මෙම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ඵල නෙලාගනියි.ධානය සකස් කිරීම සදහා පැමිනෙන පුද්ලයින් පෙර දිනයේ සවස සිට පැමින මෙම වතාවත් සිදුකරයි.

➡️ අලුයම 4.40ට උණු පැන් ඇල් පැන් පූජාව.

➡️ උදෑසන 6 ට කැද ධානය පූජා කිරීම.

➡️ 7 ට උදෑසන ධානය පූජා කිරීම.

➡️10.30ට දහවල් ව්‍යංජන 32ක් සහිත සම්බුද්ධ පූජාව සිදුකිරීම.

➡️ රාත්‍රී 7 ට අශ්ඨපාන පූජා කිරීම,

ආදී පින්කම් මාලාවක් සිදුක් දිනපතා නොකඩවා සිදුකරනු ලබනවා.

මෙම පින්කම් මාලාවෙදී දහවල් දානය පූජා කරන අවස්තාවේ විහාරාධිපති වන පූජ්‍ය නෙල්ලියේ මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් පෙර දින සිට පැමිණ මෙම පින්කම් මාලව සිදුකිරීමෙන් ලද සියලු පින් ඔවුන්ට අනුමෝදන් කිරීම සිදු කරනු ලබයි.

පුදුමයට කරුණ නම් පැමිනෙණ බොහෝ පුද්ගලයින්ගේ සුව කල නොහැකි රෝග පවා සුව වීමයි.

 පින් කැමති ඔබටද දානයක් භාරගත හැක.

වැඩි විස්තර - 076 8306737

☸️මෙම වන්දනා Whatsapp ගෘප් එකේ ලින්ක් එක👇https://chat.whatsapp.com/GNLkm3eoqS134xukXxuFgA

 ☸️වන්දනා FB Page එක👇 

https://www.facebook.com/wandana.lk

 වන්දනා Youtube 👇

 https://youtube.com/channel/UCxLr-pakYWYrEgQhT99Z0Zw 

 ☸️අප්ගේ බ්ලොග් අඩවිය👇

 https://wandanaofficial.blogspot.com

 

Post a Comment

1 Comments

Close Menu